බ්‍රිතාන්‍ය පාලනයේම සිටීමට ඔස්ටේ්‍රලියානුවන්ගේ කැමැත්ත ඉහළට

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් බහුතරය ජනරජයක් වීමට වඩා තවදුරටත් බ්‍රිතාන්‍ය පාලනය යටතේ සිටීමට වැඩි කැමැත්තක් දක්වන බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

මහ රැජිණගේ අභාවයෙන් පසු 03 වන චාර්ල්ස් රජුගේ පත්වීමෙන් පසු Roy Morgan සමීක්ෂණ ආයතනය විසින් සිදුකල අධ්‍යයනයකට අනුව සියයට 60 ක් පමණ පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය කිරීටය යටතේ ඔස්ටේ්‍රලියාව තවදුරටත් පැවතිය යුතු බවයි.

පසුගිය නොවැම්බර් මාසයේදී එම ප්‍රතිශතය සටහන් වූයේ සියයට 55 ක් ලෙසයි.

ජනරජයක් බවට ඔස්ටේ්‍රලියාව පත්විය යුතු බවට ස්ථාවරය දරන පිරිස සටහන් වන්නේ සියයට 40 ක් ලෙසයි.

පුද්ගලයන් 1012 ක් යොදාගනිමින් මාර්ගයෙන් මෙම මත විමසුම සිදුකර තිබුණා.

කාන්තාවන්ට වඩා පුරුෂයන් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ සිටීමට කැමති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.

කෙසේවෙතත් තරුණ ප්‍රජාව අතර වැඩි කැමැත්තක් පවතින්නේ ජනරජයක් බවට පත්වීමට බවටත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »