රැජිණ නිසා වික්ටෝරියාවාසීන්ට පමණක් විශේෂ වරප්‍රසාදයක්

MELBOURNE VICTORIA

02 වන එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් සමස්ත ඔස්ටේ්‍රලියානුවන්ට ලබන 22 වනදා ප්‍රසිද්ධ නිවාඩුවක් සහ ජාතික ශෝක දිනයක් ලෙස ගත කිරීමට ඉඩකඩ සලසන බව අගමැති ඇන්තනී ඇල්බනීස් අද පෙරවරුවේ නිවේදනය කලා.

මෙම තීරණයත් සමග අනෙකුත් ප්‍රාන්තවාසීන්ට නොලැබෙන විශේෂ වරප්‍රසාදයක් වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට පමණක් හිමිවනවා.

එනම් අඛණ්ඩ දින 04 ක නිවාඩුවක් උදාවීමයි.

සැප්තැම්බර් 22 – බ්‍රහස්පතින්දා – රැජිණගේ අභාවය වෙනුවෙන් හිමිවන නිවාඩුව

සැප්තැම්බර් 23 – සිකුරාදා – Victoria’s Grand Final හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයට පමණක් හිමිවන නිවාඩුව (Victoria’s Grand Final Eve public holiday)

සැප්තැම්බර් 24 – සෙනසුරාදා

සැප්තැම්බර් 25 – ඉරිදා

දැනට සැළසුම් කර ඇති පරිදි වික්ටෝරියා පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේද සැප්තැම්බර් 20 වනදායි.

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »