රැජිනගේ දේහය අද පස්වරුවේ ලන්ඩන් නුවර වෙත

අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය අද පස්වරුවේ ලන්ඩන් නුවර වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

දේහය තවමත් බැල්මෝරල් මන්දිරයේ තැන්පත් කර ඇති අතර අනතුරුව එය එඩින්බරෝ හි හෝලිරූඩ් හවුස් වෙත රැගෙනයාමට නියමිතයි.

පසුව දේහය ලන්ඩන් නුවරට රැගෙන එන්නේ රාජකීය දුම්රිය මගිනුයි.

අනතුරුව හමුදා ආචාර මැද රැජිනගේ දේහය බකිංහැම් මන්දිරයේ සිට වෙස්මිනිස්ටර් ශාලාව වෙත ගෙන ඒමට සැළසුම් කර තිබෙනවා.

දේහය එහි තැන්පත් කෙරෙන්නේ රාජකීය පවුලේ සාමාජිකයින්ට ගෞරවය දැක්වීමට අවස්ථාව ලබාදීමටයි.

දේහයට ගෞරව දැක්වීමට සාමාන්‍ය ජනතාවට අවස්ථාව හිමිවන්නේ ඉන් අනතුරුවයි.

රාජකීය අවමංගල උත්සවය සංවිධාන කර ඇත්තේ ලබන 19 වනදායි.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »