රැජිණගේ රාජකීය අවමංගල්‍යය 19 වනදා – ලංකාවේත් ජාතික ශෝක දිනයක්

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මස 19 වෙනිදා දක්වා සියලුම රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ.

දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා කතාබහක් මතුව තිබෙනවා.

පෙර නොඇසූ විශේෂ වාර්තා ද ලැබෙමින් පවතින්නේ ඒ අතරයි.

බ්‍රිතාන්‍යය අගමැතිවරයා සහ බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු කාර්යාලය විසින් රැජිණගේ අභාවය පිළිබඳ වහාම ඇය රාජ්‍යත්වය උසුලන ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව ඇතුළු රාජ්‍යයන් 15කට දැනුම්දිය යුතුයි.

ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 36කටද රැජිණගේ අභාවය නිළ වශයෙන් දැනුම් දිය යුතු වනවා. ඉන් පසුවයි රැජිණගේ අභාවය පිලිබඳ ගෝලීය වශයෙන් නිවේදනය කරනු ලබන්නේ.

සාම්ප්‍රදායිකව බකිංහැම් මාලිගයේ දොරටුවෙහි එල්ලනු ලබන නිවේදනයක් මගින් බකිංහැම් මාලිගය විසින් රැජිනගේ අභාවය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙනවා.

රැජිණගේ අභාවයෙන් පසු ගෙවෙන සිව් වන දිනයේදී ඇයගේ දේහය රාජකීය හමුදා ගෞරවාචාර සහිත විශාල පෙරහැරක් මගින් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව පිහිටි වෙස්ට්මින්ස්ටර් ශාලාව වෙත ගෙන එනවා.

දින 4 ක් එම ස්ථානයේ දේහය තැම්පත් කර තැබෙනු ඇති. ඒ අතර පාර්ලිමේන්තුව රැස්වී රැජිණගේ අභාවය පිලිබඳව ශෝක ප්‍රකාශයක් සිදු කරන අතර චාල්ස් රජු රාජ්‍යත්වයට පත්වීම පාර්ලිමේන්තුව විසින් පිළිගැනීමට ද නියමිතයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව දින 10 ක් සඳහා කල්තැබීම සිදුවනවා.

රැජිණගේ අවසන් කටයුතු සිදුකෙරෙන දින ජාතික ශෝක දිනයක් වශයෙන් නම් කරනු ඇති.

එදින පෙරවරු 9ට බිග් බෙන් සීනුව නාද කරමින් ශෝකය ප්‍රකාශ කරන අතර පෙරවරු 11ට ඇයගේ දේහය වෙස්මින්ස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙනයනු ඇති.

එහිදී රැජිණගේ දේහය පිලිබඳ අවසන් දේව මෙහෙය සිදුකිරීමට නියමිත අතර පසුව රැජිණගේ දේහය වින්සර් මාලිගාව පරිශ්‍රයේ ඇති රාජකීය සොහොන් ගැබ තුල තැම්පත් කිරීමට නියමිතයි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »