මුල් මාස 08 දී ලක්ෂ 02 ක් විදෙස් රැකියාවලට ගිහින්

විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි, විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


කාර්යාංශය පවසන්නේ, වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ශ්‍රී ලාංකිකයින් 208,772 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

ඒ අතරින් වැඩි පිරිස පිරිමි පුද්ගලයින් වන අතර එම සංඛ්‍යාව එක්ලක්ෂ විසිහය දහසකට අධික ය.

මේ අතර වසරේ මේ දක්වා ශ්‍රී ලංකිකයින් 2858 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

තව ද වසර අවසාන වන විට සමස්ත ශ්‍රමිකයින් 5,000ක් කොරියානු රැකියා සඳහා යොමු කිරීම බලාපොරොත්තු වන බව ද කාර්යාංශය සඳහන් කළේ ය.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »