රැජිණගේ අභාවය වෙනුවෙන් අගමැති ඇල්බනීස්ගේ කණගාටුව

02 වන එළිසබෙත් මහ රැජිණගේ අභාවය හමුවේ ශෝක වන සමස්ත ලෝකවාසීන් අතරට ඔස්ටේ්‍රලියානුවන්ද එක් වන බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමිනුයි ඇය මේ බව සඳහන් කලේ.

මේ අතර ආණ්ඩුකාර ජනරාල් ඩේවිඩ් හර්ලි මෙන්ම හිටපු අගමැතිවරුන් ගණනාවක්ද එළිසබෙත් රැජිණ වෙනුවෙන් ශෝකය පළකර තිබෙනවා.

සිය 70 වසරක රාජ්‍ය පාලන කාලය තුළදී ඇය ඔස්ටේ්‍රලියාවට අවස්ථා 16 කදී නිල සංචාර සඳහා පැමිණ තිබුණා.

ලොව වයස්ගතම සහ දීර්ඝතම රාජ්‍ය නායිකාව ද වූ දෙවන එළිසබත් රැජින බ්‍රිතාන්‍යයේ සිංහාසනයට පැමිණියේ 1952 පෙබරවාරි 6 වන දිනයි.

ඒ ඇයගේ පියා වන හයවන ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසුවයි.

දෙවැනි එළිසබත් රැජිණගේ අභාවයෙන් පසුව ඇගේ වැඩිමහල් පුත් චාල්ස් කුමරු එක්සත් රාජධානියේ මීලග රජු බවට පත්වන අතර ඔහු හැඳින්වෙන්නේ 03 වන චාල්ස් කුමරුන් ලෙසයි.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »