Flu සහ කොවිඩ් යන දෙකම හඳුනාගත හැකි රැපිඩ් කට්ටලයක් සඳහා TGA අනුමැතිය

Flu සහ කොවිඩ් 19 යන වෛරස් දෙකම හඳුනාගත හැකි රැපිඩ් ඇන්ටිජන් කට්ටලයක් සඳහා TGA විසින් අනුමැතිය දී තිබෙනවා.

විනාඩි කිහිපයක් තුළ ප්‍රථිඵල ලබාගත හැකි වීම එහි ඇති විශේෂත්වයයි.

කිසියම් අයෙකුට වැළඳී ඇත්තේ Flu ද නොඑසේනම් කොවිඩ් ද යන්න වෙන් කර ප්‍රථිඵලය ලබාදීමටද මෙහි පහසුකම් පවතිනවා.

මෙම එක කට්ටලයක් ඩොලර් 15 ක මිළකට නියම කර ඇති අතර දැනට ඔන්ලයින් ක්‍රමයට පමණක් මිළදී ගත හැකියි.

තවත් සති කිහිපයකින් සුපිරි වෙළඳසැල් සහ ෆාමසි හරහා මිළදී ගැනීමට පහසුකම් සළසන බවද සෞඛ්‍ය අංශ සඳහන් කලා.

මෙම උපකරණ කට්ටලයේ නිරවද්‍යතා ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 98 ක් ලෙසයි.

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »