පොහොට්ටුවේ 30 කට අද රනිල්ගෙන් ඇමතිකම්

රාජ්‍ය අමාත්‍යවරු 30 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ පෙරවරුවේ දිවුරුම් දෙති.

මෙලෙස රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 30 දෙනෙකි.

අදාල රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ධුර ප්‍රදානය කරන ආකාරය පිළිබඳ එකඟතාවයකට පැමිණ තිබේ.

රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම කොළඹ ජනාධිපති කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන තුරු අමාත්‍යවරුන් 20කින් සමන්විත තාවකාලික කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක් පැවති අතර එම සාකච්ඡා අවසන් එකඟතාවයට පැමිණි පසු ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »