ජයග්‍රහණයේ රහස භානුක හෙළි කරයි

ඉන්දියාව සමග පැවැති තරගයෙන් ජය ගැනීමට බලපෑ ප්‍රධාන හේතුව ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ගොඩ නැගූ සබඳතාව බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ පවසනවා.

ඊයේ පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

තියුණු තරගයකින් අනතුරුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දිය කණ්ඩායම සමග පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ කඩුළු 6 කින්.

ඒ අනුව සුපිරි සිව්දෙනාගේ වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඊයේ පැවැති තරගයේදී පරාජයට පත්වීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලානය පිළිබද තැබූ බලාපොරොත්තු අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.

මේ අතර ආසියානු කුසලාන තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා. ඒ, ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතරයි.

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »

ඔලිම්පික් ඉතිහාසයට නව පිටුවක් එක් කළ ශ්‍රී ලාංකිකයා

ප්‍රංශයේ පැරිස් නුවර ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂන් සෙල්වරාජා ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වී තිබෙනවා.

Read More »