Australia Day ගැන මෙල්බන් නගර කවුන්සිලය අවසන් තීරණයක් ගනී

Australia Day දිනය ජනවාරි 26 හැර වෙනත් දිනයකට මාරු කල යුතු බවට වන යෝජනාව මෙල්බන් නගර කවුන්සිලයේ ඊයේ රාත්‍රී පැවති ඡන්ද විමසිමකදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

මේ අනුව ඉදිරි පියවර ගැනීම සඳහා එම යෝජනාව වික්ටෝරියා ප්‍රාන්ත රජය සහ ෆෙඩරල් රජය වෙත යොමු කරන බවයි මෙල්බන් නගරාධිපතිනී සැලී කැප් සඳහන් කලේ.

මෙල්බන් පදිංචිකරුවන් 1600 කට ආසන්න පිරිසක් යොදාගනිමින් සිදුකල සමීක්ෂණයකදී අනාවරණ වූයේ සියයට 60 කට වැඩි පිරිසක් වෙනත් දිනයක Australia Day පැවැත්වීමට එකග බවයි.

කෙසේවෙතත් පුරවැසිභාවය පිරිනැමීමේ උත්සව මෙන්ම ජනවාරි 26 වෙනත් සැමරුම් සඳහා තවදුරටත් අවසරපත් නිකුත් කරන බවද මෙල්බන් නාගරික කවුන්සිලය නිවේදනය කර සිටිනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ සමස්ත රටටම බලපැවැත්වෙන පරිදි Australia Day වෙනස් කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බවයි.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »