ක්ලියෝ ස්මිත් සිද්ධියේ ප්‍රධාන විමර්ශන නිළධාරී ඉල්ලා අස්වෙයි

Senior Sergeant Cameron Blaine

මාස කිහිපයකට පෙර ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් ක්ලියෝ ස්මිත් දැරිය පැහැර ගැනීමේ සිද්ධියේ ප්‍රධාන විමර්ශන නිළධාරී Senior Sergeant Cameron Blaine තනතුරෙන් ඉල්ලා අස්වි තිබෙනවා.

ඔහුට එරෙහිව සිදු කෙරුණු අක්‍රමිකතා පරීක්ෂණයක් අතරතුරයි මෙම ඉල්ලා අස්වීම සිදුවී ඇත්තේ.

මෑතකාලීනව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ සිදුවු ආන්දෝලනාත්මක සිදුවීම් රැසක ප්‍රධාන විමර්ශන නිලධාරී ලෙසද කටයුතු කරනු ලැබුවේ Cameron Blaine විසිනුයි.

ක්ලියෝ ස්මිත් දැරිය සොයාගත් අවස්ථාවේදී එම ස්ථානයට ඇතුලුවු පොලිස් නිළධාරීන් 04 දෙනාට ඔහුද අයත් වුණා.

ඔහුගේ විනය විරෝධී හැසිරීමක් මෙම ඉල්ලා අස්වීමට බලපා නොමැති අතර රාජකාරිමය විමර්ශනයකට සහය පිණිස ඉල්ලා අස්වීමක් පමණක් සිදුවී ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »