ඔස්ටේ්‍රලියාවේ පොළී අනුපාත වසර 07 කට පසු ඉහළම අගයට

ඔස්ටේ්‍රලියාවේ පොළී අනුපාත වසර 07 කට පසු ඉහළම අගය සටහන් කරමින් ෆෙඩරල් සංචිත බැංකුව විසින් අඛණ්ඩව 05 වන මාසයටත් අද පොළී අනුපාත ඉහළ දමනු ලැබුවා.

මේ අනුව ඉලක්කගත cash rate අගයන් පදනම් ඒකක 50 කින් ඉහළ දැමිමටයි අනුමැතිය ලැබී ඇත්තේ.

ඒ අනුව cash rate අගය සියයට 1.85 සිට 2.35 දක්වා ඉහළ යනු ඇති.

අවසන්වරට ඔස්ටේ්‍රලියාව තුළ අගය ඉහළම cash rate අගයක් සටහන් කර තිබුණේ 2014 වසරේදී වන අතර එහිදී එය සටහන් වූයේ සියයට 2.5 ක් ලෙසයි.

අද ගනු ලැබූ තී්රණයත් සමග ඩොලර් ලක්ෂ 05 ක නිවාස ණයක් ගෙන ඇති අයෙකුගේ මාසික වාරිකය ඩොලර් 144 කින් පමණ වැඩි වන අතර ඩොලර් ලක්ෂ 10 ක පමණ නිවාස ණයක් ගෙන ඇති අයෙකුට මාසික වාරිකය ඩොලර් 288 කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂිතයි.

පසුගිය මැයි මාසයේ සිට සැළකීමේදී මාසික වාරික වැඩිවීම ඩොලර් 600 ත් 1200 ත් අතර අගයක පසුවනවා.

ඉදිරි මාස වලදී මෙම තත්වය තවත් දරුණු විය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

ලබන පෙබරවාරි මාසය වනවිට cash rate අගය සියයට 3.35 ක් වැනි ඉහළ මට්ටමකට ළගාවනු ඇති බවටත් අනාවැකි පළවනවා.

ෆෙඩරල් සංචිත බැංකුව විසින් පොළී අනුපාත ඉහළ දැමීමත් සමග ප්‍රධාන වාණිජ බැංකු සිය පොළී අනුපාතිකයන් වැඩිකරන ආකාරය ඉදිරි පැය කිහිපයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සුනඛ සුරතලුන්ගේ හිමිකරුවන්ට නීති දැඩි වෙයි

සුනඛයන් සහ බළලුන් කළමනාකරණ පනතේ නව ප්‍රතිසංස්කරණ යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ සුනඛ සපා කෑම් සහ ප්‍රහාර සඳහා වන දඩුවම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

චාල්ස් රජු මෙතෙක් හෙබවූ තනතුරක් පුතාට ලබාදෙයි

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කර්නල් තනතුර වේල්සයේ කුමාරයා වන බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල් රජුගේ පුත් විලියම් කුමරු වෙත ලබා දී තිබෙනවා.

Read More »