PR දෙන්නැයි ඉල්ලා කැන්බරා පාර්-ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක්

තමන්ට ස්ථිර පදිංචි වීසා (PR) ලබාදෙන ලෙස ඉල්ලමින් සරණාගතයන් විශාල පිරිසක් මේ වනවිට කැන්බරා අගනුවර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරත වනවා.

තමන්ට සාධාරණයක් ඉටු කරදෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම උද්ඝෝෂණයේ නිරත වන්නේ.

ඇතැමුන් වසර ගණනක සිට පවුලේ ඥාතීන් දැක නොමැති බවත් – දීර්ඝ කාලයක සිට රැඳවුම් භාරයේ සිටින බවත් විරෝධතාවයට එක්වූවන් පෙන්වා දෙනවා.

තම අනාගතය අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බැවින් වහා ස්ථිර පදිංචි වීසා ලබාදෙන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

සංක්‍රමණය පිළිබඳ ඔස්ටේ්‍රලියාවේ ප්‍රතිපත්ති ලිහිල් කරන්නැයිද – දැනට ගොඩගැසී ඇති වීසා අයදුම්පත් වහා සළකා බලා අවසන් කරන්නැයිද විරෝධතාවයට එක්වූවන් වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »