සේවක වැටුප් ගැන වැදගත් තීරණයක් මෙම සතියේ

MONEY FINANCE CURRENCY

ඔස්ටේ‍රලියාව තුළ සේවක වැටුප් සම්බන්ධයෙන් වැදගත් සාකච්ඡා මාලාවක් මෙම සතිය තුළදී ආරම්භ වනවා.

ඒ අනුව එක් එක් ක්ෂේත්‍රයට වෙන වෙනම වැටුප් තල ක්‍රියාත්මක කිරීම පිළිබඳ එහිදී අවසන් තීන්දු තීරණ රැසක් ගැනීමටයි නියමිතව ඇත්තේ.

වෘත්තිය සමිති විසින් යෝජනා කර ඇත්තේ එකම ක්ෂේත්‍රයක සිටින විවිධ සේවා යෝජකයන් සඳහා ඔවුන්ගේ අභිමතය පරිදි වැටුප් තල ක්‍රියාත්මක කිරීමට අවසර දිය යුතු බවටයි.

එහෙත් පසුගියදා පැවති රැකියා සහ නිපුණතා සමුලුවේදී ෆෙඩරල් රජය අවධාරණය කර තිබුණේ මෙවැනි තීරණයක් ගතහොත් එමගින් වැඩ වර්ජන වැනි දෑ ඉහළ යා හැකි බවයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ දැනට විවිධ ක්ෂේත්‍රවල වර්ජනවලට හේතුවද එයම බවයි ෆෙඩරල් රජය පෙන්වා දෙන්නේ.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »