බැසිල්ට රට යන්න අවසර – ලබන සතියේ ඇමරිකාවට

හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හට ලබන ජනවාරි මස 15 වැනිදා තෙක් විදේශගත වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සහ පෞද්ගලික හේතූන් මත ලබන සතියේ ඇමරිකාව බලා යාමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නවීන් මාරපන සහ ගාමිණී මාරපන යන ජනාධිපති නීතිඥවරු කළ ඉල්ලීමක් කර තිබුණා.

අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම අවසරය ලබා දුන්නා.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන්නැයි රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ඊට අදාලව මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළක්වාළමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණා.

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවා යයි

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවමින් සියයට 6ක වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

Read More »

වැඩිම බදු අනුපාතයක් සහිත සංවර්ධිත රටවල් අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

පසුගිය වසරේ බදු වැඩිවීමෙන් ඔස්ට්‍රේලියානු කම්කරුවන් දැඩි පීඩාවකට පත් වූ බව ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය පවසනවා.

Read More »