හුදකලා කාලය අඩු කිරීමට ගත් තීරණයට අප්‍රසාදයක්

අනිවාර්ය කොවිඩ් හුදකලා කාලය අඩු කිරීමට ජාතික කැබිනෙට්ටුව ගත් තීරණය සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සංගමය අප්‍රසාදය පළ කරනවා.

එය දේශපාලන තීරණයක් මිස කරුණු නිසි ලෙස අධ්‍යයනය කර ගනු ලැබූ තීරණයක් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කුමන වෛද්‍ය නිර්දේශයක් සළකා බලා මෙම තීරණය ගනු ලැබුවේද යන්න පිළිබඳ ෆෙඩරල් රජය පැහැදිලි ප්‍රකාශයක් කල යුතු බවද ඔස්ටේ්‍රලියානු වෛද්‍ය සංගමය අවධාරණය කරනවා.

රෝග ලක්ෂණ සහිත හා රහිත ලෙස ආසාධිතයන් වෙන්කර හුදකලා කාලය වෙනස් කිරීම පිළිබඳ තම කිසි එකගතාවයක් නොමැති බවත් ඔවුන් අවධාරණය කරනවා.

ලබන 09 වනදා සිට කොවිඩ් රෝග ලක්ෂණ නොමැති පුද්ගලයන්ට අනිවාර්ය හුදකලා කාලය දින 07 සිට 05 දක්වා අඩු කිරීමටයි ජාතික කැබිනෙට්ටුව ඊයේ තීරණය කලේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »