Graduate Work Visa බලපත්‍රයේ අලුත්ම වෙනස මෙන්න

ඔස්ටේ්‍රලියාව තුළදී අධ්‍යාපන පාඨමාලා සම්පූර්ණ කරන ජාත්‍යන්තර සිසුන්ට හිමිවන Graduate Work Visa බලපත්‍රයේ කාලසීමාව වැඩි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

දැනට වසර 02 ක කාලයකට අදාළව මෙම වීසා බලපත්‍රය ලබාදෙන අතර එය වසර 03 ක් හෝ 04 ක් දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් සඳහන් කලේ.

ඔස්ටේ්‍රලියාව තුළ දැනට පවතින උග්‍ර සේවක හිගය මගහරවාලීමේ අරමුණ ඇතිව මෙම පියවර ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කලා.

ඔස්ටේ්‍රලියාව තුළදී උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන ජාත්‍යන්තර සිසුන්ගෙන් තවදුරටත් මෙරට රැඳී සිට රැකියා අපේක්ෂාවෙන් පසුවන ප්‍රතිශතය සියයට 16 ක් බව සඳහන්.

කෙසේවෙතත් කැනඩාව වැනි රටවල එය සියයට 27 ක් වැනි ඉහළ අගයක් ගනු ලබනවා.

ඔස්ටේ්‍රලියාවේදී තාක්ෂණ විශයන් හදාරා උපාධි හිමිකරගන්නා වාර්ෂික සිසුන් 12,000 කට ආසන්න සංඛ්‍යාවකින් 2/3 ක් පමණම රටින් බැහැරවන බවටයි අනාවරණ වන්නේ.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙම යෝජනාවට විශ්ව විද්‍යාල කිහිපයකින්ම සුභවාදී ප්‍රතිචාර පළවී තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධ අවසාන තීරණයක් කැන්බරා හි පැවැත්වෙන රැකියා සහ නිපුණතා සමුලුවේදී ගැනීමටයි නියමිතව ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »