ඔස්ටේ‍රලියානුවන්ගෙන් 1/5 ක් සුපර් මාර්කට් හොරු

ඔස්ටේ‍රලියානුවන් සෑම 05 දෙනෙකුගෙන් අයෙකුම සුපිරි වෙළඳසැල්වලදී භාණ්ඩ සොරා ගන්නා බව නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.

self-serve checkouts හිදී ඔවුන් වැඩි වශයෙන් මෙලෙස වංචා සිදුකරන බවයි හෙළිකරගෙන ඇත්තේ.

පාරිභෝගිකයන් අතුරින් සියයට 09 ක් සුපිරි වෙළඳසැල්වලදී මිළදි ගත් භාණ්ඩ සිතාමතා scan නොකර පිටව යන බවයි මෙහිදී තහවුරු වී ඇත්තේ.

තවත් සියයට 10 ක් මිළදී ගන්නා වැඩි මිළ භාණ්ඩ වෙනුවට මිළ අඩු වෙනත් භාණ්ඩ සටහන් කර මිළදී ගැනීමි සිදුකරන බවයි මෙම අධ්‍යයනයේදි හෙළිකරගෙන ඇත්තේ.

සියයට 02 ක පිරිසක් සුපිරි වෙළඳ සැල තුළදීම ආහාර අනුභව කර මුදල් නොගෙවා පිටව යන බවද වාර්තා වී තිබෙනවා.

ඉන්ධන මිළදී ගෙන මුදල් නොගෙවා ගොස් ඇති පිරිස සියයට 06 ක් ලෙසයි සටහන් වන්නේ.

පුද්ගලයන් 1010 දෙනෙකු යොදාගෙන සිදුකල සමීක්ෂණයකදී මෙම තොරතුරු හෙළිකරගෙන තිබෙනවා.

පසුගිය වසර තුළදී ඔස්ටේ්‍රලියානුවන් අතුරින් ලක්ෂ 38 ක් සුපිරි වෙළඳසැලකදී කුමන හෝ වංචාවක් සිදුකර ඇති බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

කිසිදු සොරකමක් හෝ වංචාවක් කර නොමැති ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 81 ක් ලෙසයි.

SOURCE: https://www.9news.com.au/national/one-in-five-australians-shoplifting-stealing-from-supermarkets-theft-crime-news/283a8a88-5c31-48e1-8b9d-2bf1d7875ff5

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »