මෙල්බන් – සිඩ්නි ට්‍රක් රථ ධාවනයට අලුත් නීතියක්

වසර 20 කට වඩා පැරණි ට්‍රක් රථ මෙල්බන් සහ සිඩ්නි නගරවල ධාවනයෙන් ඉවත් කිරීමේ නව යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

වායු දුෂණය සැළකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇති බවයි බලධාරීන් සඳහන් කර ඇත්තේ.

ඔස්ටේ්‍රලියාවේ දැනට ධාවනය වන ට්‍රක් රථ අතුරින් සියයට 14 ක් පමණ වසර 26 ක් පමණ පැරණි ඒවා බවද සඳහන්.

ඒවායෙන් පිටවන දුම් ප්‍රමාණය නව ට්‍රක් රථයකට වඩා 60 ගුණයකින් පමණ වැඩි බවද අනාවරණ වී තිබෙනවා.

මේ අනුව 2003 වසරට පෙර ධාවනයට එක් කරන ලද සියලු ට්‍රක් රථ 2025 වසර වනවිට මෙල්බන් හා සිඩ්නි නගරවල ධාවනයෙන් ඉවත් කල යුතු බවටයි යෝජනා වී ඇත්තේ.

කෙසේවෙතත් මෙම යෝජනාවට ට්‍රක් රථ රියදුරන් දැඩි විරෝධය පළකරනවා.

පවතින ආර්ථික වාතාවරණය හමුවේ දැනට භාවිතයේ යොදවා ඇති ට්‍රක් රථ ධාවනයෙන් ඉවත් කිරීම ප්‍රායෝගික නැතැයි ඔවුන් පෙන්වා දෙනවා.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »