ඔස්ටේ්‍රලියා Citizen අයදුම්පත් සලකා බැලීමේ නවතම කාලවකවානු මෙන්න

ඔස්ටේ්‍රලියානු පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීම සම්බන්ධ නවතම තොරතුරු කිහිපයක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය ජූලි 31 වන දින වන විට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සතුව පැවති පුරවැසිභාව අයදුම්පත් ප්‍රමාණය 123,640 ක්.

සාමාන්‍ය සුදුසුකම් සහ වෙනත් තත්ත්වයන් යටතේ පුරවැසිභාවය සඳහා යොමු කළ අයදුම්පත් 120,197 ක් සහ සම්භවය අනුව පුරවැසිභාවය සඳහා යොමු කළ අයදුම්පත් 3,443 ක් ඒ අතර වනවා.

සාමාන්‍ය සුදුසුකම් සහ වෙනත් තත්ත්වයන් යටතේ වන ඛාණ්ඩය හරහා යොමු කර ඇති අයදුම්පත්වලින් 90% ක්ම මාස 18 ක කාලයක් තුළ සලකා බැලෙන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සම්භවය අනුව යොමු කර ඇති අයදුම්පත්වලින් 90% ක්ම මාස 04 ක කාලයක් තුළ සලකා බැලෙනු ඇති.

පුරවැසිභාවය සම්බන්ධ අයදුම්පත් සලකා බැලීමේ කාලයට බලපාන සාධක කිහිපයක්ද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අවශ්‍ය සියලූම ලියකියවිලි ඇතුළුව සම්පූර්ණ අයදුම්පතක් ලබා දී තිබීම / වැඩිදුර තොරතුරු හෝ ලේඛන ඉල්ලා සිටින විට අයදුම්කරුවන් ප්‍රතිචාර දැක්වීමේ කාලය ඉන් ප්‍රධාන වනවා.

එමෙන්ම ලබා දී ඇති තොරතුරු පරීක්ෂා කිරීමට ගතවන කාලය සහ සාමාන්‍යයෙන් චරිත සහ ජාතික ආරක්ෂක අවශ්‍යතා සඳහා වෙනත් ආයතනවලින් තොරතුරු ලබා ගැනීමට ගතවන කාලය ද තවත් සාධක 02 ක්.

-SBS-

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »