සේවක හිගය නිසා නත්තල් සමයේ අවන්හල් වැසෙන ළකුණු

සේවක හිගය හමුවේ සිඩ්නි නගරයේ අවන්හල් සැළකිය යුතු ප්‍රමාණයක් එළඹෙන නත්තල් සමයේදී වසා තැබීමට සිදුවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

වසර 03 කට පසු කොවිඩ් සීමාවලින් තොරව නත්තල සැමරීමේ අවස්ථාවද මෙමගින් ජනතාවට අහිමිවනු ඇතැයිද ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දී තිබෙනවා.

දැනටමත් සිඩ්නි නගරයේ බොහෝ අවන්හල් විවෘත කරනුයේ ද සතියකට දින 5 ක් හෝ ඊට අඩුවෙන් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ඔස්ටේ්‍රලියාවේ skilled visa ක්‍රමවේදය දැඩි ප්‍රතිපත්තියක් පැවතීම හේතුවෙන් රටට පැමිණෙන පුහුණු ශ්‍රමිකයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළයාම සේවක හිගයට ප්‍රධාන හේතුවයි.

මේ වනවිට සළකා බැලීමට ඉතිරිව පවතින skilled visa අයදුම්පත් සංඛ්‍යාව 917,000 කට ආසන්නයි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »