2048 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් – ජනපති රනිල්

2048 වසරේදී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී යළිත් ප්‍රකාශ කලා.

ඒ අතුරු අයවැය ඉදිරිපත් කරමින්.

එහිදී යෝජනා කල නව යෝජනා පහත පරිදි වේ :

* 2021 දළ දේශීය නිෂ්පාදනයෙන් 8.2%ක්ව තිබු රාජ්‍ය ආදායම 2025 වනවිට 15%ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වේ.

* එකතු කළ අගය මත වන බද්ද සීයයට 12 ඔක්තෝම්බර් මස 01 වෙනිදා සිට සීයයට 15 දක්වා වැඩි කෙරේ.

* පසුගිය කාල සීමාවේදී හඳුන්වා දුන් බදු යෝජනා රැසක් ඔක්තෝම්බර් මස 01 වෙනිදා සිට බලාත්මක කෙරේ.

* වයස අවුරුදු 18 ඉක්මවූ සියලුම දෙනා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය.

* රජයේ සහ අර්ධ රාජ්‍ය සේවකයින් විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා අඩු කෙරේ. දැනට සේවයේ නියුතු අවුරුදු 60 ට වැඩි රාජ්‍ය සේවකයින් දෙසැම්බර් 31 වෙනිදා විශ්‍රාම යා යුතුයි.

* ඉදිරියේදී රාජ්‍ය සේවය සඳහා පොසිල ඉන්ධන මත ධාවනය වන වාහන මිලදී නොගනු ලබන අතර ඉලෙක්ට්‍රොනික වාහන පමණක් මිලදී ගැනීමට තීරණය කර ඇත.

* තෝරාගත් ප්‍රාදේශීය සභා කිහිපයක් ආසන්නයේ පිහිටි නගර සභාවට හෝ මහ නගරසභාවට අනියුක්ත කිරීමට යෝජනා

* කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල ස්ථාපිත කිරීමට යෝජනා.

* ගොවීන් රාජ්‍ය බැංකු වෙත ගෙවීම් පැහැර හැර ඇති රුපියල් මිලියන 680ක මුදල (පොලිය හැර) කපා හැරීමට යෝජනා.

* සහන සැලසිය යුතු පවුල් 61,000 ක් සඳහා මසකට රුපියල් 10,000ක සහනාධාරයක් ලබා දීමට යෝජනා.

* ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 2500/= ක අතුරු දීමනාවක් ලබා දීමට යෝජනා.

* ලංකා බැංකුව සහ මහජන බැංකුවේ මුළු කොටස් අයිතියෙන් 20%ක් තැන්පත්කරුවන්ට හා සේවකයින්ට ලබාදීමට යෝජනා

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »