එළවලු – පළතුරු – මස් මිළ ගණන් නැවතත් ඉහළට ?

කරුණු කිහිපයක් හේතුවෙන් ඉදිරියේදී එළවලු – පළතුරු ඇතුලු ආහාර මිල ගණන් නැවතත් ඉහළ යා හැකි බවට අනතුරු ඇගවෙනවා.

ධාරාණිපාත වැසි අපේක්ෂා කිරීම – කෘෂිකර්මාන්තයේ සේවක හිගය වැනි ගැටලු මීට බලපා තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු ජාතික ගොවි සම්මේලනය පවසන්නේ රට පුරා ආහාර සැකසුම් සහ නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළව රැකියා පුරප්පාඩු 170,000 ක් පමණ පවතින බවයි.

මෙම තත්වය විසඳා නොගතහොත් ඉදිරි මාස 12 – 24 අතර කාලයේදී දැඩි ආහාර හිගයක් හෝ මිළ ඉහළ යාමක් අපේක්ෂා කිරීමට සිදුවන බවටද ඔවුන් අනතුරු අගවනවා.

ඒ අනුව කිරි නිෂ්පාදන – එළවලු – පළතුරු – මස් වැනි ආහාර මිළ ගණන් සියයට 30 ත් 50 ත් අතර අගයන්ගෙන් ඉහළ යනු ඇති බවටද අනාවැකි පළවනවා.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »