ලංකාවේ තේ ගැන ඔස්ටේ්‍රලියානු මාධ්‍ය කථා කරයි

ලොව සුප්‍රකට ශ්‍රී ලාංකීය තේ සන්නාමය වන ඩිල්මා තේ පිළිබඳව ඔස්ටේ්‍රලියානු මාධ්‍ය ආයතනයක් වන චැනල් 09 විසින් විශේෂ වාර්තාවක් පළකර තිබෙනවා.

ඒ මේ දිනවල ඔස්ටේ්‍රලියාවට පැමිණ සිටින ඩිල්මා සමාගමේ සභාපති ඩිල්හාන් ප්‍රනාන්දු සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින්.

ඔස්ටේ්‍රලියාව සමග සිය පවුල පවත්වනුයේ ඉතාම සමීප සබඳතාවයක් බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

ශ්‍රී ලාංකික තේ කර්මාන්තය වසර 5000 කට වඩා අතීතයට දිවෙන බවයි ඩිල්හාන් ප්‍රනාන්දු ප්‍රකාශ කලේ.

ඩිල්මා සභාපති ඩිල්හාන් ප්‍රනාන්දු සමග චැනල් 09 සිදුකල සම්මුඛ සාකච්ඡාව පහතින් නරඹන්න.

https://www.9now.com.au/a-current-affair/2022/clip-cl7bpptke00150jo9r0dpg4ma

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »