ඉල්ලා අස්වීම ක්වන්ටාස් CEO ඉවත දමයි – ගාස්තුත් ඉහළ දමන බව කියයි

තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි එල්ලවන බලපෑම් ප්‍රතික්ෂේප කරන බව ක්වන්ටාස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් පවසනවා.

අවම වශයෙන් ලබන වසරේ අවසානය වන තෙක් හෝ මෙම තනතුරේ රැඳී සිටීම අපේක්ෂාව බවයි ඔහු සඳහන් කලේ.

ක්වන්ටාස් සමාගම පසුගිය මාස 12 දී ඩොලර් බිලියන 1.9 ක පාඩුවක් ලබා ඇති අතර සමස්ත කොවිඩ් සමය පුරා ලබා ඇති පාඩුව ඩොලර් බිලියන 7 කට ආසන්න වනවා.

ඒ අනුව තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසයි පාර්ශව කිහිපයකින් ඇලන් ජොයිස්ට බලපෑම් එල්ල වී ඇත්තේ.

මෙය සමස්ත ගුවන් ගමන් කර්මාන්තයට දැඩි පීඩනයක් ගෙන දී ඇති කාලසීමාවක් බවත් ඉන්ධන මිළ ඉහළයාම ඊට ප්‍රධාන හේතුව බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ අතර වියදම් ආවරණය කර ගැනීමේ අරමුණ ඇතිව ජාත්‍යන්තර ගුවන් ගමන් ගාස්තු සියයට 20 කින් සහ දේශීය ගුවන් ගමන් ගාස්තු සියයට 10 කින් වැඩි කිරීමට සිදුවනු ඇති බවටද ක්වන්ටාස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් අනාවැකි පළකරනවා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »