වසර 02 ක් නිවාස කුළී වැඩි නොකළ යුතු බවට හරිත පක්ෂයෙන් යෝජනා

ඔස්ටේ්‍රලියාව පුරා කුලී නිවාසවල කුලී මුදල් වැඩි නොකර වසර දෙකක් පවතින අගයේම තබාගත යුතු බවට හරිත පක්ෂය යෝජනා කරනවා.

මෙම දෙවසරක කුලී වැඩි කිරීමේ ක්‍රියාව අත්හිටුවීම අවසන් වූ පසු සෑම මාස 24 කට වරක්ම නිවාස කුලිය ඉහළ දැමීම උපරිමව 2% දක්වා තැබිය යුතු බව ද ඔවුන් අවධාරණය කරනවා.

ඉහළ යන ජීවන වියදම හමුවේ උපයා ගන්නා ආදායමට ඉඩ සලසා දීම මෙහි අරමුනයි.

කිසිදු පදනමක් නොමැතිව කුලී නිවාසවලින් කුලී නිවැසියන් ඉවත් කිරීම අවසන් කල යුතු බවද හරිත පක්ෂය යෝජනා කරනවා.

කෙසේවෙතත් මෙම යෝජනාව මධ්‍යම රජය එතරම් සක්‍රීයව සලකා නොබලන බවයි භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පැවසුවේ.

රට පුරාම නිවාස කුලිය ඉහළ දැමීමට නොදී එය එකම අගයක තබාගැනීම ප්‍රායෝගිකව කරන්නේ කෙසේදැයි ෆෙඩරල් රජය ප්‍රශ්න කරනවා.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »