NSW දුම්රිය සේවක – හෙදියන් වැඩ වර්ජනවල

නිවු සවුත් වේල්ස් ඉතිහාසයේ දැවැන්තම දුම්රිය හා ට්‍රෑම් සේවක වැඩ වර්ජනය අද දිනයේදී ක්‍රියාත්මක කරන බවට ප්‍රවාහන වෘත්තිය සමිති අනතුරු අගවනවා.

ඔවුන් මෙම වර්ජනය සිදුකරන්නේ සේවක ගැටලු විසඳන බවට ප්‍රාන්ත රජය විසින් සහතිකයක් දී ඇති අවස්ථාවකදී වීමද විශේෂත්වයක්.

පසුගිය දින කිහිපය පුරා දුම්රිය වෘත්තිය සමිති විසින් විවිධ වෘත්තිය ක්‍රියාමාර්ග ගත් අතර එයින් මගීන් දැඩි අපහසුතාවයකට පත්වුණා.

මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ හෙදියන් සහ වින්නඹු මාතාවන්ද ලබන පළමුවනදා පැය 24 ක වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

සිය සේවා ගුණාත්මකභාවය ඉහළ දමන්නැයි බලකරමිනුයි ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »