කොවිඩ් එන්නත නොගත් ක්වීන්ස්ලන්ඩ් අධ්‍යාපන සේවකයන් 900 කගේ පඩි කපයි

කොවිඩ් එන්නත නොගත් ක්වීන්ස්ලන්ඩ් අධ්‍යාපන සේවකයන් 900 කට අදාළ ගෙවීම් අත්හිටුවීමට ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ගුරුවරුන් – අනධ්‍යයන කාර්ය මණ්ඩලය – පරිපාලන කාර්ය මණ්ඩලය – පිරිසිදු කරන්නන් ඇතුලු පාර්ශව මේ අතර වන බව සඳහන්.

ක්වීන්ස්ලන්ඩ් අධ්‍යාපන සේවකයන්ට කොවිඩ් එන්නත අනිවාර්ය කරමින් නියමයක් නිකුත් කෙරුණේ පසුගිය නොවැම්බර් මාසයේදීයි.

එය කඩ කල ගුරුවරුන් ඇතුලු අධ්‍යයන කාර්ය මණ්ඩල වෙත ඊයේ දිනයේදී ලිපියක් එවා ඇත්තේ ඔවුන්ට ගෙවිය යුතු සති 20 ක දීමනා කපා හරින බව දක්වමින්.

කෙසේවෙතත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගුරුවරුන් 54,000 ක් අතුරින් සියයට 99 ක් පමණම නිසි පරිදි එන්නත්කරණ ඉලක්ක සපුරා ඇති බවයි තහවුරු වී ඇත්තේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »