මොරිසන්ට එරෙහිව තවත් පරීක්ෂණයක්

රහසිගතව ඇමති ධුරවල දිවුරුම්දීම සම්බන්ධයෙන් හිටපු අගමැති ස්කොට් මොරිසන්ට එරෙහිව තවත් පරීක්ෂණයක් පැවැත්වීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ නීතිමය පියවරක් ගත නොහැකි බවට සොලිසිටර් ජනරාල්වරයා විසින් දන්වා එවා ඇතත් ගත හැකි තවත් පියවර රාශියක් පවතින බවයි.

ඒ අනුව ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් හරහා විමර්ශනයක් පවත්වන බවටයි ඔහු පොරොන්දු වූයේ.

ඇමති ධුර දිවුරුම්දීම් සහ සංශෝධන පිළිබඳ සියලු තොරතුරු මින් ඉදිරියට ප්‍රසිද්ධ කරන බවටයි අගමැති ඇල්බනීස් සහතික වූයේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීම හෝ නොවීම පිළිබඳ තීරණයක් ගත යුතු වන්නේ ස්කොට් මොරිසන් සහ ලිබරල් පක්ෂය විසින් බවද මෙහිදී අවධාරණය කෙරුණා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »