ඔස්ට්‍රේලියා කොවිඩ් රෝහල්ගතවීම් අඛණ්ඩව පහතට

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 10 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 06 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 04 ක්ද ඊට ඇතුළත් වේ.

ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි පුරා නව කොවිඩ් රෝගීන්, රෝහල්ගතවීම් සහ ICU ඇතුළත් කිරීම් අඛණ්ඩව පහත වැටේ.

ඇතැම් ප්‍රාන්ත සහ ටෙරිටරි දැන් අප්‍රේල් 4 සිට ඔවුන්ගේ අඩුම COVID-19 ආසාදන වාර්තා කරයි.

NSW සිය ප්‍රථම දේශීය monkeypox ආසාදනය පසුගිය සති අන්තයේ වාර්තා කළේය.

NSW ප්‍රාන්තයේ දැනට monkeypox රෝගීන් 42 ක් සිටින අතර ඉන් වැඩිම ආසාදන වාර්තා වී ඇත්තේ විදෙස්ගත වී ආපසු පැමිණි ජාත්‍යන්තර සංචාරකයින්ගෙනි.

-SBS-

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »