මොරිසන් ගැන නීතිපති උපදෙස් හෙට මහජනතාවට

හිටපු අගමැති ස්කොට් මොරිසන් විසින් අමාත්‍ය ධුර 05 ක වගකීම් දැරීමේ සිදුවීමට අදාළව ලැබුණූ නීති උපදෙස් හෙට දිනයේදී මහජනතාවට ප්‍රසිද්ධියට පත් කරන බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

සොලිසිටර් ජනරාල්වරයාගේ උපදෙස් අද පෙරවරුවේ තමාට සහ කැබිනට් මණ්ඩලයට හිමිවූ බවයි අගමැතිවරයා කියාසිටියේ.

2020 වසරේ මැයි සහ 2021 වසරේ අප්‍රේල් යන කාලය අතරතුරදී එවක අගමැති ස්කොට් මොරිසන් විසින් සෞඛ්‍ය – මුදල් – භාණ්ඩාගාර – ස්වදේශ කටයුතු සහ විද්‍යා හා සම්පත් යන අමාත්‍යධුරවල රහසිගතව දිවුරුම් දී ඇති බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.

එවක කැබිනට් මණ්ඩලය පවා දැනුවත් කිරීමකින් තොරව සිදුකල මෙම කාර්ය හේතුවෙන් දචැනට දරන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ස්කොට් මොරිසන් ඉල්ලා අස්විය යුතු බවයි ඔහු නියෝජනය කරන ලිබරල් පක්ෂය අභ්‍යන්තරයෙන්ම මේ වනවිට ඉල්ලීම් ඉදිරිපත්ව ඇත්තේ.

නීතිපති උපදෙස් ප්‍රසිද්ධියට පත් කිරීම ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ ඉතා විරල ලෙසයි සැළකෙන්නේ.

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »