බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය Skilled වීසා නීති තවත් ලිහිල් කරයි

පුහුණු ශ්‍රමිකයන් හිගය පියවා ගැනීම සඳහා විදේශ ශ්‍රමිකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා පුහුණු නිපුණතා වීසා නීති තවදුරටත් ලිහිල් කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

මේ අනුව ඇතැම් වෘත්තීන් සඳහා බලාත්මක රැකියා අත්දැකීම් මට්ටම් අඩු කිරීම – බැංකු ගිණුම් ශේෂ සම්බන්ධ රෙගුලාසි ලිහිල් කිරීම සහ ඉංග්‍රීසි භාෂා දැනුම් මට්ටම් ප්‍රමාණයන් අඩු කිරීම යන රීති සංශෝධනය කිරීමට නියමිතයි.

මෙතෙක් අනිවාර්ය අවශ්‍යතාවයක්ව පැවති බැංකු ගිණුමේ ඩොලර් 20,000 ක අවම ශේෂයක් තිබිය යුතුය යන කොන්දේසියද මේ යටතේ ලිහිල් කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

ඊට අමතරව නව රැකියා සිය ගණනක් පුහුණු නිපුණතා රැකියා ලැයිස්තුවට ඇතුළත් කිරීමටද නියමිත බවයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය නිවේදනය කලේ.

2022-23 මූල්‍ය වර්ෂය සඳහා බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය විසින් පුහුණු නිපුණතා ශ්‍රමිකයන් 8000 කට ආසන්න පිරිසක් භාර ගැනීමටයි කෝටාව වෙන් කර ඇත්තේ.

මීට අමතරව ඩොලර් 200 ක් ලෙස පවතින වීසා අයදුම්පත්‍ර ගාස්තුව තාවකාලිකව කපා හැරිමටද බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

 

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »