ක්වන්ටාස් ගුවන් මගීන්ට $ 50 ක වට්ටමක්

frequent flyer කාණ්ඩයට අයත්වන ගුවන් මගීන්ට ඩොලර් 50 ක වට්ටමක් පිරිනැමීමට ක්වන්ටාස් ගුවන් සේවය සැළසුම් කර තිබෙනවා.

සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් පවසන්නේ මාස ගණනක් පුරා පැවති ගුවන් ගමන් ප්‍රමාදයන් – අවලංගු කිරීම් සහ ගමන් මලු අස්ථානගතවිම් සඳහා සමාව අයැදීමක් ලෙස මෙම තීරණය ගත් බවයි.

ඕනෑම ක්වන්ටාස් සේවාවක් වෙනුවෙන් මෙම ඩොලර් 50 වට්ටම භාවිත කල හැති වනවා.

කොවිඩ් තත්වයෙන් පසු බලපෑ හේතු ගණනාවක් හේතුවෙන් ක්වන්ටාස් සමාගමේ සේවා අඩාලවීමක් සිදුවූ බව තමන් පිළිගන්නා බවයි ප්‍රධාන විධායක නිළධාරියා කියාසිටියේ.

ඉදිරි මාස කිහිපය තුළ මෙම සියලු දෝෂ නිරාකරණය කර ගැනීමට පියවර ගන්නා බවටත් ඔහු සහතික වනවා.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »