2022-23 දකුණු ඔස්ටේ්‍රලියා Skilled විසා වැඩසටහන ලබන බ්‍රහස්පතින්දා සිට

2022-23 වසර සඳහා වන දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත Skilled විසා වැඩසටහන යටතේ අයදුම්පත් භාරගැනීම ලබන බ්‍රහස්පතින්දා එනම් අගෝස්තු 25 වනදා සිට ආරම්භ කෙරෙනවා.

වෘත්තින් 500 කට අධික සංඛ්‍යාවක් සඳහා මෙහිදී සුදුසුකම් සහිත පුද්ගලයන්ට සිය අභිලාෂය ඉදිරිපත් කල හැකියි.

වෘත්තීන් 470 කට පමණ ඔස්ටේ්‍රලියාවෙන් බැහැරව සිටින අයදුම්කරුවන් සඳහාද එදින සිට ඉල්ලුම් කල හැකි වනවා.

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය දන්වා සිටින්නේ ඔවුන් ROI එකක් යොමු කිරීම අවශ්‍ය නොවන නමුත් SkillSelect EOI හි සියලු තොරතුරු යාවත්කාලීනව පවත්වාගෙන යාම අවශ්‍ය වන බවයි.

මීට අමතරව ව්‍යාපාරික වීසා කාණ්ඩය යටතේ ස්ථිර පදිංචියට අදාළ අයදුම්පත් භාරගැනීමය නුදුරේදී ආරම්භ කරන බව දකුණු ඔස්ටේ‍රලියා ප්‍රාන්ත රජය දන්වා සිටිනවා.

details : https://www.migration.sa.gov.au/news-events/important-update-2022-23-skilled-business-migration-programs-opening-soon

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »