ඔස්ටේ්‍රලියාවෙන් ශ්‍රී ලංකාවට තවත් $ මිලියන 25 ක ආධාරයක්

ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට තවත් අමතර ඩොලර් මිලියන 25 ක මූල්‍යාධාරයක් පිරිනැමීමට ඔස්ටේ්‍රලියා රජය තීරණය කර තිබෙනවා.

පසුගිය ජූනි මාසයේදීත් ඔස්ටේ්‍රලියාව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 50 ක මූල්‍ය සහනයක් පිරිනමනු ලැබුවා.

ඒ අනුව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඔස්ටේ්‍රලියාව විසින් මාස 03 ක් ඇතුළත ශ්‍රී ලංකාවට ලබාදුන් සමස්ත මුදල ඩොලර් මිලියන 75 ක්.

ආහාර සහ සෞඛ්‍ය පහසුකම් නංවාලීම සඳහායි ඇන්තනී ඇල්බනීස් රජය විසින් මෙම මුදල ලබාදීමට සැළසුම් කර ඇත්තේ.

අසීරු අවධියක් පසු කරමින් සිටින ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහයදීමට සූදානම් බවයි ඔස්ටේ‍රලියා විදේශ ඇමතිනී පෙනී වොංග් සඳහන් කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »