ඔස්ටේ්‍රලියා විශ්ව විද්‍යාල සඳහා ගන්නා සිසුන් 20,000 කින් ඉහළට

ඉදිරි වසර 02 සඳහා ඔස්ටේ්‍රලියා විශ්ව විද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 20,000 කින් ඉහළ දැමීමට ෆෙඩරල් රජය අවසර දී තිබෙනවා.

අඩු ආදායම් ලබන පවුල්වල සිසුන් / ස්වදේශික සහ දුෂ්කර ප්‍රදේශවල සිසුන් සඳහා එහිදී ප්‍රමුඛත්වය හිමිවීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් සඳහන් කලේ වසරකට සිසුන් 10,000 බැගින් වසර 02 කදී මෙම අමතර ශිෂ්‍ය කෝටාව බඳවා ගැනීමට අපේක්ෂා කරන බවයි.

අධ්‍යාපන – සෞඛ්‍ය – ඉංජිනේරු සහ තාක්ෂණ වැනි අංශයන්ගෙන් ඔස්ටේ්‍රලියාව තුළ දැනට පවතින දැඩි පුහුණු ශ්‍රමික හිගය මගහරවාලීම මෙහි දීර්ඝකාලීන ඉලක්කය බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කලේ.

සියලු ජන කොට්ඨාශ වෙත සම අධ්‍යාපන අවස්ථා සළසාදීම ලේබර් පක්ෂ රජයේ අරමුණ බවද අධ්‍යාපන අමාත්‍යවරයා කියාසිටියා.

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

Read More »

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »