ගෝඨාගේ සිංගප්පූරු හෝටල් බිල මිලියන 67 යි ?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ ගත කළ කාලයේ දී, සිය හෝටල් බිල ලෙස රුපියල් මිලියන 67ක මුදලක් ගෙවා ඇති බව ආරංචි මාර්ග වාර්තා කරනවා.

පසුගිය 11 වැනි දා තායිලන්තය බලා පිටත්ව යන තෙක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ සිංගප්පූරුවේ මරිනා බේ සෑන්ඩ්ස් හෝටලයේ නවාතැන් ගෙන සිට ඇත.

හෝටලයේ නවාතැන් ගාස්තුව ලෙස වැය වූ රුපියල් මිලියන 67ක මුදල ගෙවා ඇත්තේ ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති විසින් බවයි ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

කෙසේ නමුත් මේ විට තායිලන්තයට ගොස් සිටින හිටපු ජනාධිපතිවරයා, එරට පිහිටි ආගමික සිද්ධස්ථාන වැඳ පුදාගැනීමට යාමට, තායිලන්ත රජයෙන් අවසර ඉල්ලා ඇතත්, මෙතෙක් ඒ සඳහා අවසර ලබාදී නොමැති බවද, වැඩිදුරටත් අනාවරණය වෙනවා.

පසුගිය දා තායිලන්තයේ බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කළේ, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට නවාතැන් ගෙන සිටින හෝටල් පරිශ්‍රයෙන් පිටතට නොයන ලෙස තායිලන්ත බලධාරීන් විසින් උපදෙස් දී ඇති බවයි.

(Hiru News)

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »