වික්ටෝරියාහි ඔබ අසනීපයකදී ලැබෙන රැකවරණය ගැන දැනුවත්ද ?

වික්ටෝරියානු නිවාඩුවලට ගෙවීමේ ඇපවීම (Victorian Sick Pay Guarantee) මගින් අනියම් හා ස්වයං රැකියාවල යෙදෙන සේවකයන්ට වසරකට පැය 38ක් ඔවුන් අසනීප වූ විට හෝ ආදරණීයයන්ට රැකවරණ සැපයීම වෙනුවෙන් අසනීප හා රැකවරණ සැපයීමේ වැටුප් ලබා දෙයි.

මෙය සිදු කෙරෙන්නේ සෞඛ්‍ය තත්ත්වය හා වැටුප අතර තෝරා ගැනීමක් කිරීමට කිසිම සේවකයෙකුට සිදු නොවිය යුතු නිසාවෙනි.

මෙම පරීක්ෂක වැඩසටහන යම් යම් රැකියා කරන වෘත්තිකයන් සඳහා වන අතර 2024 මුල්භාගය වන තෙක් වික්ටෝරියානු රජයෙන් පූර්ණ අරමුදල් සැපයේ.

ජාතික අවම වැටුප වන පැයකට $21.38ට (2022 ජූලි 1 වැනිදා වන විට) අනුව වික්ටෝරියානු අසනීප නිවාඩුවලට ගෙවීමේ ඇපවීම ගෙවනු ලැබේ.

මෙම වැඩසටහනට ඇතුළත්වන රැකියා

රැකියාව වෘත්තියේ ස්වභාවය
සත්කාර සේවා ‌වෘත්තිකයන් හෝට්, බාර්, කැ‌ෆේ, අවන්හල්, කැසිනෝ හා ඒ සමාන ස්ථානවල අමුත්තන්ට සේවා සැපයීම.
ආහාර පිළියෙල කිරීමේ අත් උදව්කරුවන් ක්ෂණික ආහාර ඇති ස්ථානවල ආහාර පිළියෙල කිරීම, ආහාර සකස් කිරීමට, සංග්‍රහ කිරීමට ආහාර පිළියෙල කිරීමේ හා සේවා ප්‍රදේශ පිරිසිදු කිරීමට ආහාර වෙළඳුන්ට සේවාවලට උපකාර වීම.
ආහාර වෙළඳ වෘත්තිකයන් පාන් හා පේස්ට්‍රි කෑම පිළිස්සීම; වෙළඳාම සඳහා මස් සැකසීම; ආහාර ගන්නා හා පිළිගැන්වීම් සිදුවන තැන්වල සැලසුම් කිරීම, සංවිධානය කිරීම, පිළියෙල කිරීම හා පිසීම.
වෙළඳ සේවක ‌වෘත්තිකයන් සිල්ලර හා තොග වෙළඳුන්ට මුදල් කැෂියර් පාලනය, නිරූපනය, ප්‍රදර්ශනය, තේරීම් සිදු කිරීම, මිල දී ගැනීම, ප්‍රවර්ධනය හා භාණ්ඩ ප්‍රදර්ශනය සඳහා උපකාර කිරීම.
වෙළඳ සහායකයන් සිල්ලර හා වෙළඳ ‌ස්ථාන වෙනුවෙන් මහජනයා වෙත ඍජුව ම භාණ්ඩ හා සේවා විකිණීම.
සුපිරි වෙළඳසැල් හා සැපයුම් දාමවල සේවය කරන අනෙක් කම්කරු සේවකයන් සාප්පු හා සුපිරි වෙළඳසැල්වල රාක්ක හා ප්‍රදර්ශනය ස්ථාන පුරවන සේවකයන් ද ඇතුළත් ව, බාන හා පටවන ට්‍රක් හා බහාලුම්, භාණ්ඩ හා ගුවන් භාණ්ඩ කළමනාකරණය.
වැඩිහිටියන්ට හා ආබාධිත අයට රැකවරණ සපයන්නන් වැඩිහිටි හා අබාධ සහිත අයගේ නිවෙස්වලදීම එදිනෙදා නිවසේ කටයුතුවලට සහය වීම, මානසික සහයෝගය, රැකවරණය හා මිතුරුකම් ලබා දීම සිදු කරන අයට.
පිරිසිදු කරන්නන් හා ලොන්ඩරි සේවකයන් වාහන පිරිසිදු කරන්නන්, වෙළඳ, කාර්මික හා ගෘහස්ථ ස්ථානවල, ඉදිරිකිරීම් ක්ෂේත්‍ර හා කාර්මික යන්ත්‍ර හා රෙදි සේදීමේ හා වියලිව පිරිසිදු කිරීමේ ස්ථානවල ‌රෙදි හා වෙනත් දේ පිරිසිදු කිරීම.
ආරක්ෂක නිලධාරීන් හා රැකවලුන් ආයතන හා තනි පුද්ගලයන්ට ආරක්ෂක හා විමර්ශන සේවා සැපයීම ආයුධ සහිත වාහන පරිවාර හා පෞද්ගලික විමර්ශකයන්.

ඔබට සුදුසුකම් තිබේ ද?

අසනීප වැටුප් ඇප පත්‍රයට සුදුසුකම් ලැබීම සඳහා, ඔබට:

  • ඔස්ට්‍රේලියාවේ වැඩ කිරීමට අයිතිය තිබිය යුතුය
  • අවුරුදු 15ට වඩා වැඩි විය යුතුය
  • සතියකට පැය 7.6කට වඩා සාමාන්‍යයක් වැඩ කරමින් සිටිය යුතුය.
  • ඔබගේ වෙනත් කිසිම රැකියාවක දී වැටුප් ගෙවන, පෞද්ගලික, අසනීප හෝ රැකවරණ සැපයීමේ නිවාඩු ලබාගෙන නොතිබිය යුතුය
  • වික්ටෝරියාව තුළ සේවය කළ යුතුය
  • ඉහත දැක්වෙන වෘත්තියක කටයුතු කළ යුතුය.

දැන් අයදුම් කරන්න

අමතන්න

වික්ටෝරියානු අසනීප නිවාඩු ඇපකාර සේවාව (Victorian Sick Pay Guarantee)

ඊමේල්: [email protected]

Translating and Interpreting Service (TIS)131 450 අමතා වික්ටෝරියානු අසනීප ඇපවීම (Victorian Sick Pay Guarantee) ගැන විමසන්න

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »