වික්ටෝරියා සෞඛ්‍ය සේවකයන්ට නොමිළයේ පොදු ප්‍රවාහන සේවා

හෙදියන් – Aged Care සේවකයන් ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ රැසක සේවකයන්ට නොමිළයේ පොදු ප්‍රවාහන සේවා පහසුකම් සපයන බවට වික්ටෝරියා ප්‍රාන්ත විපක්ෂය පොරොන්දුවක් දි තිබෙනවා.

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් ඉදිරි වසර 04 පුරාම එය ක්‍රියාවට නංවන බවයි ප්‍රාන්ත ඡායා සෞඛ්‍ය අමාත්‍ය  Georgie Crozier සඳහන් කලේ.

පසුගිය කොවිඩ් සමයේ සිටම මේ දක්වා වික්ටෝරියා සෞඛ්‍ය සේවකයන් මුහුණදෙන දුෂ්කරතා සැළකිල්ලට ගෙන මෙම තීරණය ගන්නා බවද ඔහු සඳහන් කලා.

මෙමගින් වික්ටෝරියා ප්‍රාන්ත රජයට දැරීමට සිදුවනු ඇතැයි අපේක්ෂිත මුදල ඩොලර් මිලියන 468 ක්.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයන් 260,000 කට පමණ වසරකට මෙමගින් ඩොලර් 1800 ක පමණ මුදලක් බැගින් ඉතිරිකරගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »