ඔස්ටේ්‍රලියානු අධිකරණයකින් ගූගල් ට $ මිලියන 60 ක දඩයක්

පුද්ගලික දත්ත රැස්කිරීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් නොමග යැවීමේ චෝදනා මත ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් අධිකරණයක් විසින් ගූගල් ආයතනයට ඩොලර් මිලියන 60 ක දඩක් පණවා තිබෙනවා.

2017 ජනවාරි සහ 2018 දෙසැම්බර් දක්වා කාලයේදී ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ග්‍රාහකයන්ගෙන් මෙලෙස දත්ත නොදන්වා රැස්කල බවටයි චෝදනා එල්ල වන්නේ.

ඔස්ටේ්‍රලියානු ජංගම දුරකථන පරිශීලකයන් ලක්ෂ 13 කට පමණ එමගින් බලපෑම් එල්ලවී ඇතැයි දක්වමිනුයි පාරිභෝගික කොමිසම විසින් ගූගල් ආයතනයට එරෙහිව නඩු පවරනු ලැබුවේ.

අත්වැරදීමකින් මෙම දත්ත රැස්කල බවත් 2018 වසරේ දෙසැම්බර් මාසයේදී එම දෝෂය යථාවත් කල බවත් ගූගල් ආයතනය අධිකරණයේදී පවසා තිබුණා.

කෙසේවෙතත් ලොව අංක එකේ තාක්ෂණික සමාගමකට මෙවැනි අත්වැරදීම් සිදුවිය නොහැකි බවටයි පාරිභෝගික කොමිසම තර්ක කර තිබුණේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »