ධානිෂ් අලි යළි රිමාන්ඩ්

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුලු වී එහි දේපල වලට හානි කිරීමේ චෝදනා මත අරගලකරු ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ලබන 26 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ යි නියෝගය ලබාදුන්නේ.

කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන බැවින් මෙම සැකකරුවන්

තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »