ඔස්ටේ්‍රලියා යුධ විරුවන් දිවි නසා ගැනීම් ගැන ආන්දෝලනාත්මක වාර්තාවක්

වත්මන් ඔස්ටේ්‍රලියානු ආරක්ෂක අංශ සාමාජිකයන් සහ විශ්‍රාමික රණ විරුවන් සිය දිවි නසා ගැනීමට හේතු සඳහා පත්කල රාජකීය කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවේදී සභාගත කෙරුණා.

වහා විසඳුම් දිය යුතු බවට වන නිර්දේශ 13 ක් ඊට ඇතුළත්.

දැනට ගෙවීමට ඉතිරිව පවතින වන්දි මුදල් කඩිනමින් ගෙවා අවසන් කිරීම එහි ප්‍රධාන නිර්දේශයක් වනවා.

පසුගිය මැයි මාසය වනවිට එවැනි ඉල්ලීම් 42,000 ක් පමණ සළකා බැලෙමින් පැවති බවයි රාජකීය කොමිසම සඳහන් කලේ.

ඉරාක සහ ඇෆ්ඝන් යුධ සමයන්හිදී මියගිය ඔස්ටේ‍රලියානු සෙබලුන් සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් සිය දිවි නසා ගැනීම් හමුවේ මරණයට පත්ව ඇති බවයි අනාවරණ වන්නේ.

රාජකීය කොමිසමේ පූර්ණ වාර්තාව 2024 වසරේදි එළි දක්වනු ඇති.

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »