ඔස්ටේ්‍රලියා ඉදි කිරීම් ක්ෂේත්‍රයේ අනාගතය අඳුරුවෙන ළකුණු

ඔස්ටේ‍රලියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගතය අවිනිශ්චිත තත්වයකට පත්ව ඇතැයි ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙනවා.

සේවක හිගය සහ අමුද්‍රව්‍ය හිගය හමුවේ බොහෝ ඉදි කිරීම් අතරමග නතරවීමයි ඊට හේතුව වන්නේ.

විශේෂයෙන් bricklaying, carpentry & roofing යන කටයුතුවලදී දැනට පවතින සේවක හිගය ඉතිහාසයේ දරුණුතම තත්වයේ පවතින බවටයි විශ්වාස කෙරෙන්නේ.

දැනට සමස්ත රට පුරා නිවාස ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක ඉදි කිරීම් ඇණහිටීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේද සේවක හිගයයි.

පසුගිය මාස 12 පුරා ඉදි කිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව දැඩි පුහුණු ශ්‍රමික හිගයක් නිර්මාණය වී ඇතත් සුදුස්සන් සොයා ගැනීමට අසීරු තත්වයකුයි දක්නට ලැබෙන්නේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »