Holden මෝටර් රථ 14,000 ක තිරිංග දෝෂයක්

Holden ZB Commodores වර්ගයේ මෝටර් රථ 14,000 ක් ආපසු කැඳවීමට General Motors විසින් තීරණය කර තිබෙනවා.

ඒ තිරිංග පද්ධතියේ දෝෂයක් හේතුවෙනුයි.

ZB Commodores යනු Holden නාමය යටතේ නිපදවන ලද අවසාන මෝටර් රථ මාදිලිය වන අතර ඒවා ඔස්ටේ්‍රලියාවේදී නිෂ්පාදනය කිරීමක් සිදු නොවන අතර ආනයනය කිරීමක් පමණක් සිදුවනවා.

2017 සිට 2020 දක්වා එලෙස ආනයනය කරන ලද Holden ZB Commodores මෝටර් රථ 13,898 ක් මේ අනුව නැවත කඳවා තිබෙනවා.

General Motors විසින් වාහන හිමිකරුවන් අමතා ඉදිරි උපදෙස් දීමට නියමිතයි.

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »