ඔස්ටේ්‍රලියාවේ ඉහළම ආදායමක් ලබන අය වාසය කරන ප්‍රදේශ මෙන්න

ඔස්ටේ්‍රලියාවේ ඉහළම ආදායමක් ලබන පුද්ගලයන් වාසය කරන ප්‍රදේශ පිළිබඳ නවතම තොරතුරු අනාවරණය කර තිබෙනවා.

2019 – 2020 කාලයේදී ඔස්ටේ්‍රලියානුවන් මිලියන 14 ක් පමණ ගෙවන ලද බදු වාර්තා සැළකිල්ලට ගෙනයි මෙම තොරතුරු හෙළි කර ඇත්තේ.

ඊට අනුව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ Cottesloe සහ Peppermint Grove ප්‍රදේශ එම ලැයිස්තුවේ ඉහළටම පැමිණ ඇත්තේ වාර්ෂික ආදායම ඩොලර් 325,343 ක් ලෙස දක්වමින්.

කෙසේවෙතත් පළමු ස්ථාන 10 සැළකීමේදී ඉන් 08 ක් ම නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයයි නියෝජනය කරනු ලබන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමින් මුල් ස්ථාන 10 ට ඇතුළත්ව සිටින්නේ එකම ප්‍රදේශයක් පමණයි.

Toorak and Hawksburn එම ප්‍රදේශය වනවා.

එහි පදිංචි පුද්ගලයන් ඩොලර් 184,939 ක වාර්ෂික ආදායමක් ලබන බවයි නවතම වාර්තා අනාවරණය කරන්නේ.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »