ඔස්ට්‍රේලියාවේ aged care මධ්‍යස්ථානවල කොවිඩ් පොකුරු 952 ක්

ඔස්ට්‍රේලියාවේ residential aged care මධ්‍යස්ථානවල සක්‍රීය කොවිඩ් පැතිරීම් 952 ක් පෙන්නුම් කරන බව නවතම දත්ත වාර්තා කරයි.

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තවල පිළිවෙලින් 310, 207 සහ 201 ලෙස aged care මධ්‍යස්ථානවල සක්‍රීය කොවිඩ් පැතිරීම් වාර්තා විය.

අගෝස්තු 08 වනදා ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සඟරාවේ ප්‍රධාන අධ්‍යයන දෙකක් ප්‍රකාශයට පත් කරන ලදී.

පළමු අධ්‍යයනයේ දී, ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදනය වූ බොහෝ දරුවන් රෝග ලක්ෂණ නොමැති හෝ මෘදු රෝග ඇති බව නිගමනය කිරීමට පර්යේෂකයෝ අවුරුදු 16 ට අඩු NSW ළමුන් 17,000 කට අධික සංඛ්‍යාවකගේ දත්ත භාවිතා කළහ.

“සෞඛ්‍ය හේතූන් මත ඇතුළත් වීමේ සම්භාවිතාව ළදරු වියේ සිට අවුරුදු 5-11  දක්වා අඩු වූ නමුත් වයස අවුරුදු 12-15 සඳහා එය නැවත වැඩි වුණා. ලිංගිකත්වය සහ ස්වදේශික ඔස්ට්‍රේලියානු තත්ත්වය රෝහල්වලට ඇතුළත් වීමේ සම්භාවිතාවට බලපෑවේ නැහැ.” ඔවුන් පැවසීය.

COVID-19 mRNA එන්නත් වල කෙටි කාලීන අතුරු ආබාධ හෝ myocarditis නව යොවුන් වියේ (අවුරුදු 12-18) වයිරසයෙන් ඇති වන සංකූලතා වලට වඩා මෘදු බව දෙවන අධ්‍යයනයෙන් පෙන්නුම් කළේය.

CREDIT – SBS

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »