ක්වීන්ස්ලන්ඩ් රජයෙන් ගවයන්ට එරෙහිව $ මිලියන 22 ක්

COW

ගව මුඛ සහ කුර රෝගය පැතිරිම වළක්වාලීම සඳහා ඩොලර් මිලියන 22 ක මුදලක් වෙන් කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

ජෛව ආරක්ෂණය සඳහාම පුහුණු කරන ලද 10 දෙනෙකු ඇතුලු 15 දෙනෙකු බඳවා ගැනීමද ඊට අයත්.

ප්‍රාන්ත අගමැතිනී පැවසුවේ අද දිනයේදී මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත කැබිනෙට්ටුව දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවයි.

කිසියම් අයුරකින් ගව මුඛ සහ කුර රෝගය පැතිර ගියේ නම් ඔස්ටේ්‍රලියා ආර්ථිකයට ඩොලර් බිලියන 80 ක පමණ පාඩුවක් සිදුවන්නට ඇති බවටයි අනතුරු අගවා තිබුණේ.

එය වළක්වාලීමට මේ වනවිට පියවර රැසක්ද අනුගමනය කෙරෙමින් පවතිනවා.

 

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »