අද මධ්‍යම රාත්‍ර්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙල්බර්න් හි කොරෝනා නීති ලිහිල් වන ආකාරය​

අද මධ්‍යම රාත්‍ර්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙල්බර්න් හි කොරෝනා නීති ලිහිල් වන ආකාරය​

How Coronavirus restrictions ease in Metropolitan Melbourne from Midnight tonight

  • වික්ටෝරියානුවන් 127,000 ක් අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත සේවයට වාර්තා කිරීමට හැකි වේ.
  • ප්‍රාථමික පාසල් සිසුන් 4 වන වාරය සඳහා පන්ති කාමර වල අධ්‍යාපනය නැවත ආරම්භ වේ.
  • අද රාත්‍රියේ සිට ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබේ.
  • කිලෝමීටර් පහක සීමාව තවදුරටත් ක්‍රියාත්මක වේ.
  • දේපල වෙළඳාම් (real estate) සඳහා පුද්ගලික පරීක්ෂණ (private inspections) නැවත ආරම්භ කළ හැකිය.
  • විවාහ මංගල්‍යයන් සඳහා පස් දෙනෙකු (මනාල යුවල ඇතුලත්ව​) දක්වා සහභාගී විය හැක​.
  • අනෙකුත් වෙනස්කම් අතරට සියලුම ළමයින් සඳහා ළමාරක්ෂක සේවා විවෘත කිරීම සහ ඔක්තෝබර් 12 සිට සියලුම මෙල්බර්න් ප්‍රාථමික පාසල් සිසුන් සඳහා මුහුණට මුහුණ ඉගෙනීම නැවත ආරම්භ කිරීම ඇතුළත් වේ.
  • VCE සහ VCAL සිසුන් ඔක්තෝම්බර් 5 වන දින හතරවන වාරයේ ආරම්භයේ සිට ඇගයීම් (assessments) සඳහා නැවත පාසලට පැමිණෙනු ඇත.
  • ළමා සුරැකුම් සියලුම දරුවන්ට විවෘතයි – අවසර පත්‍රයක් අවශ්‍ය නොවේ. 5km සීමාව අදාළ නොවේ.
  • රෝහල් (hospital visits)  සහ රැකවරණය පහසුකම් පිළිබඳ නීති ද තරමක් ලිහිල් කරනු ඇත.
  • එක් පුද්ගලයෙකු දිනකට එක් වරක් සාප්පු සවාරි යාමේ සීමාව ද ඉවත් කරනු ලැබේ.
  • නිවෙස් දෙකකින් පස් දෙනෙකු දක්වා කණ්ඩායම් වශයෙන් පිටත හමුවීමට පදිංචිකරුවන්ට අවසර දෙනු ලැබේ. (මෙම ගණනට වයස මාස 12ට අඩු ළමුන් ඇතුලත් නැත​.)
  • මෙල්බර්න් වැසියන්ට දන්ත වෛද්‍යවරයා හමුවීමට හා හදිසි නොවන සේවා සඳහා සහභාගී විය හැක​.
  • පුද්ගලයින් පස් දෙනෙකු සහ එක් ආගමික නායකයෙකු සමඟ කුඩා එළිමහන් ආගමික උත්සව නැවත ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.
  • මෙල්බර්න් රෝහල්වලට දැන් දිනකට පැය දෙකක් දක්වා එක් රෝගියෙකු සඳහා එක් අමුත්තෙකු ඇතුළත් කර ගැනීමට අවසර දී ඇති අතර, එක් එක් රෝහල්වලට මෙම සංචාරයන් සඳහා තමන්ගේම සීමාවන් නියම කළ හැකිය. දැඩි සත්කාර ඒකක මෙයට ඇතුළත් ය.
  • මෙල්බර්න් වැසියන්ට ඔවුන්ගේ නිවසට අමතරව සේවා ස්ථාන වලින් කිලෝමීටර් පහක් ඇතුළත එළිමහන් ව්‍යායාම සඳහා අවසර ඇත.

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »