ඔස්ටේ්‍රලියාව තුළද දැඩි ඖෂධ හිගයක්

ඔස්ටේ්‍රලියාව තුළද දැඩි ඖෂධ හිගයක් හටගෙන තිබෙනවා.

TGA හෙවත් සෞඛ්‍ය පරිපාලන අධිකාරියට අනුව දැනට මෙරට තුළ ඖෂධ වර්ග 343 ක උග්‍ර හිගයක් පවතින බවයි තහවුරු වී ඇත්තේ.

දියවැඩියාව – අධි රුධිර පීඩනය – ඇදුම වැනි රෝගී තත්වයන් සඳහා අවශ්‍ය කරන ඖෂධ ගණනාවක්ද මේ අතර වන බව සඳහන්.

කොවිඩ් – තත්වය – මංකිපොක්ස් වැනි රෝග 03 ක් එකවර සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කිරීම හමුවේ අධික ඉල්ලුමක් නිර්මාණය වීම මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

එමෙන්ම සැපයුම් ප්‍රමාණවත් නොවීමද මෙම ඖෂධ හිගයට බලපා ඇති බවයි TGA විසින් දන්වා සිටින්නේ.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »