පිරිකරත් අලුත් වෙයි – ඉන්ධන පිරවූ කෑන් පිරිකරට පුදයි

ලීටර් 10 කින් සමන්විත ඉන්ධන කෑන්, පිරිකර සඳහා සංඝරත්නයට පිරිනමන ලද පින්කමක් පිටිගල ප්‍රදේශයේ දී පැවැත්විණ.

පිටිගල අතුකෝරල තේ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාගේ ගුණ සමරුව නිමිත්තෙන් පිටිගල තේ කර්මාන්ත ශාලාවේ පැවති මෙම දානමය පිංකම සදහා වැඩම කළ සංඝරත්නය වෙනුවෙන් පිරිකර පිරිනැමීමේදී මෙසේ ඉන්ධන කෑන් පිරිනමනු ලැබීය.

ඉන්ධන පූජාව පිළිගනිමින් සංඝයා වහන්සේලා කියා සිටියේ මෙම කාලයේ හැටියට මෙම පූජාව මිල කළ නොහැකි බවයි.

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »